එයාර් ඉන්දයා ගුවන් අනතුරෙන් මිය ගිය ෂෝයි පවුලේ හද කම්පා කරවන කතාව

241කට මරු කැඳවමින් ඊයේ (12) ඉන්දියාවේ අහමදාබාද් හිදී සිදු වූ ගුවන් අනතුර ලොව සිදුවූ තවත් බිහිසුණු ගුවන් අනතුරක්. එහි සිටි මගීන්ගේ අවසන් මතක සටහන් මේ වනවිට අනාවරණය වෙමින් තිබෙනවා. ඒ අතර රතික් ජෝෂිගේ පවුලට අත්වූ ඉරණම ගැන හද කම්පා කරවන කතාවයි මේ,

මෘදුකාංග ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය ජෝෂි, වසර 6ක් පුරා තම ජීවිකාව ගෙන ගියේ ලන්ඩනයේය. ඔහු තම දරුවන් තිදෙනා සහ බිරිඳට ලන්ඩනයේ සැපවත් ජීවිතයක් ගත කිරීමට මහත් වෙහෙසක් දැරූ පියෙකු විය. වසර 6ක කැපවීමේ අවසන් ප්‍රථිඵලය භුක්ති විඳින්න සිය සෙනෙහෙබර පවුලත් එක්ක ලන්ඩනයට යාමේ අරමුණින් ඊයේ මෙම ගුවන් යානයට ගොඩ වී ඇත. ඉන්දියාවේ ගෞරවාන්විත වෛද්‍යවරියක වූ ඔහුගේ බිරිඳ මෙම ගමන වෙනුවෙන් දින දෙකකට පෙර ඇගේ රැකියාවටද සමුදුන්නාය. ඇය පැසිෆික් රෝහලේ වෛද්‍යවරියක ලෙස සිය රැකියාවේ නිරත වී තිබෙනවා. ඔවුන්ගේ දරු තිදෙනාගෙන් පිරිමි දරුවන් වයස අවුරුදු පහක නිවුන් දරුවන් වන අතර, දියණිය 8 හැවිරිදි වියේ පසු වූවාය.

ජීවිතයේ අලුත් සිහිනයක් හිස මත තබා ගෙන ගුවන් යානයට ගොඩ වූ ජෝෂි යුවළ, දරු තිදෙනා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටද අමතක නොකළාය. කෙසේ නමුත් එය ඔවුන් ගන්නා අවසන් සෙල්ෆිය වනු ඇතැයි සිහිනෙකින්වත් හිතන්න නැතුව ඇති...

මෙම ගුවන් අනතුරට පෙර ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබෙන අතර, ඒ අතර ශ්‍රී ලංකාවටද වරක් පැමිණ තිබේ.



Post a Comment

0 Comments